Monday, August 27, 2018

නියගලා මලක්

“  කොහොමද සුදු නෝනා උඹ එහෙම කෙරුවේ..?”
දන්නවද උඹෙයි මගෙයි හෙට දවස වෙනුවෙන් මං තනියෙන් නැහෙනකොට මට ටිකකටවත් දුකක් දැනුනේ නැ .චුටිම තරහවක් වෙනුවට මගේ හිතේ ගොඩ ගැහුනේ උඹ වෙනුවෙන් මහා ලොකු ආදරයක්.මට ඕන උනේ උඹව බෝනික්කියක් වගේ ලස්සනට තියන්න එතරමටම මං  ආදරේ කෙරුවා උඹට..

අපේ හෙට දවස වෙනුවෙන් අත්වල කර ගැට එනකම්  මං ඔට්ටු වෙනකොට ,අපි ආදරෙන් බෙදා ගත්තා ඇදම තවත් උන් එක්ක බේදා ගන්න තරම් උඹේ හිත හයිය උනේ කොහොමද  ….කිසිම හිරිකිතයක් නැතිවම .උඹේ නාඩගම් ගැන හාංකවිසියක් දන්නේ නැතිවම උඹත් එක්ක මාත් නිදිවැදුන දවස් මතක් වෙද්දී මට මාව අප්පිරියයි …

 මොනවාම හරි දෙයක් නිසා උඹ වෙන එකෙක්ට ආදරය කරලා මාව දාලා ගියා නම් පුළුවන් මට හිත හදාගන්න ..එ උඹේ සතුට කියලා …කියපං මට කිසිම අඩුවක් නොකර පැලෙන්න ආදරයක් මං උඹට දුන්නමත් මගේ යාළුවෝ විතරක් නෙවි මං  නොදන්න උන් එක්කත් අපේ ඇද උඩම උඹේ ඇග විකුණන්න තිබුන උවමනාව මොකක්ද…කියපං මාව පිස්සෙක් නොකර ඇයි ඒ තැනට වැටුනේ…

🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟

Facebook එකේ කවි නිසදැස් වෙනුවෙන් page එකක් පටන් ගත්තේ කවි නිසදැස් වලට තිබුන ආසවටමයි .page එකට ආවා දාස් ගනන් request අතරේ තෙනුලි පබසරා තවත් එක් request එකක් ම නොවි අපේ ජිවිතේ උඩුයටිකුරු කරන්න ආව නියගලා මලක් කියලා හිතුනා නම් කවදාවත්ම තෙනුලි පබසරා Accept නොකර ඉන්නවනේ මං …

 එත් මං  ලියපු හැම කවියකටම නිසදැසකටම ආදරණිය comment එකක් එකතු කරපු තෙනුලි මගේ හිතට එබෙන්න ගත්තේ හරි අපුරු විදියට .කාලයක්ම අපි අපේ අදහස් හුවමාරු කර ගත්තේ comments වලින් ඊටත් පස්සේ Massenger chat වලින් අපි අතර  ‍යාළුකමටත් එහා ගියා බැදිමක් ඇතිවෙද්දි මාරු උන Phone number එකින් කතා කරපු දවසක තෙනුලි කිව්වේ “සසාන් අයියේ මට ඔයාව හැබහින්ම දක්කින ආසයි එන්නකො මාව බලන්න” හිත සතුටින් උඩපැන්නේ මටත් උවමනා උන දේම ඔයාගේ කටින් පිට උන එකට ඉතින් අපි හම්බ උනා කැළණි පංසලේදි photo වලටත් වඩා ලස්සනයි කියලා මට හිතුනේ බෝනික්කියක් වගේ හිත වගේම රූපෙත් ගොඩාක් ලස්සනයි මගේ හිතේ සතුට දෝර ගැලුවා පුළුවන් හැම වෙලාවේම මට ඕන උනේ තෙනුලි බල්න්න යන්න.අපි ආදරේ කෙරුවා මහා ගොඩාක් .

     ඔය වගේ තෙනුලි බලන්න ගිය දවසක බෝල ඇස් දෙකේ කදුළු පුරවන් කිව්වේ “සසාන් අයියේ අම්මයි අප්පච්චි ඔයාට කැමති නෑ” සත්තයි දුක හිතුනා මට මහා ගොඩාක් එත් තත්පරෙන් රිදුන මගේ හිත  තෙනුලි සැනසුවා “ අම්මයි අප්පච්චි අකමැති උනාට මට ඔයා නැතිව බෑ සසාන් අයියේ මාව එක්කගෙන යනවද..? දෙපාරක් හිතුවේ නෑ මං ඔයාව එක්කගෙන  අපේ ගෙදරට ගියේ එතරමටම මගේ ආදරේ ස්ථිර එකක් නිසා ,සැකයක් තිබුනේ නෑ කොතනකවත්.

  "කසාදයක් ගැන හිතන වයසක නෙවි ඔයාල ඉන්නේ කසාදයක් කියන්නේ සෙල්ලමක් නෙවි..තාම ඉගෙන ගන්න වයස "අම්මා අඩද්දි තාත්තා කිව්වේ එහෙම .එත් මට ඔයාව ආපහු යවන්න බැරි උනා ඉතින් අපි නීති පොතක පිටු අත‍රත් අඹුසැමියෝ උනා.හැමතැනකම වගේ අපේ ගෙදරත් නැන්දම්මා ලේලි කෙස්වලු පටල ගන්න කොට මට හැමදාමත් හරි උනේ මගේ සුදු නෝනා.කුලියට ගෙයක් අරන් ගෙදරින් ආවේ සුදු නෝනගේ ඇස්වල කදුළු දකින්න බැරි නිසාමයි..

ඉල්ලන පමවෙන් අම්මයි අප්පච්චි මට හැමදේම දුන්නේ එයාලට හිටිය එකම දරුවා මං නිසා වෙන්න ඇති අවුරුදු  විස්සක් උනත් තනිව ඇදුමක්වත් හොද නොගත්තු මං ගැරජ් එකක වැඩක් හොයා ගත්තේ තෙනුලිට තිබුන ආදරේටමයි  කුණු ටිකක් නොවැදුන අත්වල මජං ‍තැවරෙනකොට මට තෙනුලි ගැන ඇති උනේ ආදරයක්.තෙනුලි තමයි මාව වගකිමක් ඇති මිනිහෙක් කෙරුවේ.

 අවුරුදු තුන හතරක් ගෙව්නත් අපිට දරුවෙක් ඕන උනේ නැ ස්ථාවරේකට ඇවිල්ලම එ ගැන හිතන්න අපි එකග වෙලා හිටිය නිසා.

  එත් අපේ ආදරේට කනකොකා හඩන්න එ හැටි දවසක් ගියේ නෑ.බඩේ අමාරුවක් හැදිලා ගෙදර හිටිය දවසක තෙනුලිගේ phone එකට මගේ යාළුවෙක්ගෙන් ආව massage එකක් තෙනුලිගේ phone එකේ display එකේ “අද සසාන් නැනේ මං  එන්නද” හිතාගන්න බැරි උනා තිවංක ඇයි තෙනුලි ට massage කරන්නේ මං නැතිවෙලාවේ ඇයි අපේ ගෙදර එන්නේ…

Phone එක ගත්තත්  එතනින් එහාට මොකුත්ම බලන්න බැරි උනේ දාලා තිබුන lock එක නිසා lock  එක අරින්න කිව්වත් lock එක අරින්නේ නැතිව හිතුවක්කාර උනේ හංගන්න දෙවල් තිබුන නිසා කියලා හිතුනේ මලක් තරමට පරිස්සමින් සිප ගත්ත ඔයා තොල් පුපුරන්න දෙකක් දිලා lock ඇරගත්තාමයි..

    අකුණු හත අටක්ම පිපුරුවා වගේ එකපාර ඒ තරමටම ජාර ගෑණියක උනේ කොහොමද උඹ..නානාප්‍රකාර උන් එක්ක උඹ කොහොමද නිදා ගත්තේ අපි දෙන්නා ආදරෙන් තුරුල් උන ඇදේම… උඹ මගෙන් මැරුම් කයි කියන බයටමයි ගෙදරින් එළියට බැහැලා ගියේ .හොදටම නොවුනත් තරහා ටිකක් නිවුනාම ආපහු ගෙදර  ආවේ එකම එක දෙයක් දැන ගන්න .එත් උඹ ගිහින්  කා එක්කද කොහෙදවත් නොකියම  මගේ මුළු ජිවිතේම අළු කරලා යන්නම ගිහින් …

  පුළුවනි නම් ඉන්න තැනකින් ඇවිත් ඇයි මෙහෙම උනේ කොතනද මට වැරදුනේ කියලා කියනවද මට ... මං උඹට දුන්න ආදරේ නාමෙන් හිත හදාගන්න මට එක කියපං සුදු නෝනා …

හිතුවත් සිඹින්නට රෝස මලක්
හැකි උනේ සිඹින්නට නියගලා මලක්
මට කියන් රෝස මලක් වන්නට
නොහැකිමුත් නියගලා මලක්
උනේ කිමැයි වතුසුදු මලක්වත් නොවි ......

Sunday, August 26, 2018

වෙනස් වෙමු අපි

දිනක් උදා වේ
නම්
ගැහැණියක ,
පිරමියකු,
ලෙස නොව
මිනිස්සු
මිනිසුන් ට
ගරු කරනා
සැබෑවටම
මේ ලෝකය
ලස්සන වෙවී,
අරුත්බර  වෙවී,
තවදුරටත්
මැසිවිලි නොනගාවී
අරුත්බර හෙටක්
වෙනුවෙන්
වෙනස් වෙමු
අපි

Saturday, August 25, 2018

වසන්තය අරන්

ශිශිරයේ දොරකඩ
සීතල කබායක
ගුලිවෙලා
බලාපොරොත්තුවේ මල්
පූදින
වසන්තය අරන්
නුඹ එනකම්
බලාන ඉන්නවා
මං     

දියවෙලා මියදෙන

මට ඕනේ නෑ
දුර අහසේ
බැබලෙන හදක්
වෙන්නවත්
තරුවක්
වෙන්නවත්
ළගින් ඉන්න
පුළුවන් නම්
ඉටිපහනක්
වගේ
ඔය ආදරේ
වෙනුවෙන්ම
දියවෙලා
මියදෙන

මං නුඹේ පතිනියයි

මට ඕනේ නෑ
දුර අහසේ
බැබලෙන හදක්
වෙන්නවත්
තරුවක්
වෙන්නවත්
ළගින් ඉන්න
පුළුවන් නම්
ඉටිපහනක්
වගේ
ඔය ආදරේ
වෙනුවෙන්ම
දියවෙලා
මියදෙන

නුඹ ට මං නැතිවත්
බෑ
මට නුඹ නැතිවත්
බෑ
ඉන්න ඕන උනත් ඉන්නත්
බෑ
නීති පොතක පිටු අතරේ
නොලිව්වත් අපේ ආදරේ
දෙවියන් ඉදිරියේ ,
මා නමින් පණ ගැහෙන
නුඹේ හිතත්
නුඹ වෙනුවෙන් පණ  ගැහෙන
මගේ හිත ත්
ඉදිරියේ ,
අපි අපේමයි
ගියත් දුරක
හමු නොවුනත් දිනේක
අපි  අපේමයි
නුඹ වෙනුවෙන්
නළල සරසන සින්දුර ත්,
නුඹ වෙනුවෙන්
දෑතේ ගැල්වෙන මෙහෙන්දිත්,
නුඹ වෙනුවෙන්
ගෙල පලදින තැල්ලත්,
සදහටම නුඹ ත් මමත් 
එකට එක් කරාවි
ගින්දර සාක්ෂි දරන්
වට හත නොගියත්
සංසාරේ හැමදාමත්
මං  නුඹේ
පතිනියයි.......

තවමත් මං සංසාරේ

අවැසි උනා මටත් දිනෙක
හැර යන්නට අඩන දොඩන
මේ ජිවිතේ ..උනාදමන්නට
මේ අරුමෝසම් සළු පිළි
පොරවා ගන්නට
සිව්රුකඩක් නිරාමිස
සුව විදින්නට ......
හයියක් නොතිබුනානේ
මට අතහරින්නට
මේ හිත රිදවන
බැදිම් .......
ඉදින් මේ දුකේම ගිලි
මියයමින් ඉපදෙමින්
තවමත් මං
සංසාරේ ......

එකම පාටක්

කළුම කළු මිනිස්සුවත්,
සුදු ම සුදු  මිනිස්සුවත්
ලෝකේ නෑ
ඉන්නේ අළු මිනිස්සු
එහෙමයි කියන්නේ
එත් වැරදිලා
මට ද
ඔයාට ද
ඔව් අපි දෙන්නටම
එකම මුණේ
පාට ගොඩාක්
මොහොතින් මොහොත
පාට ගැන්වෙන
අපි,
කවදාවත්
එකම පාටක්
තවරගෙන ඉන්නේ නෑ
වෙනස් වෙනවා
අපි
මුණදෙන සිද්ධින්ට
සාපේක්ෂව

තනියක් නම් නෑ මට

හොයනවා
මං
මට අහිමි
මං
ඉන්නවා
මං
නොවන
මං
කොටු වෙලා
නෙක නෙක
රාමු වල
සතුටකදි
වගේම
දුකේදි ත්
මා අත් නොහැර
මගේ තනියට
තනි රැක්කේ
නුඹ ....
වැටෙන හැම විටකම
නැගිටින්න ට
දිරිය දුන්නේ
නුඹ ....
කොන්දේසි විරහිතවම
මට පෙම් කලේ
නුඹ .....
එකට ඉන්නත් බැරි
වෙන්ව යන්නත් බැරි
බැදිමක පැටලිලා අපි
ගියත් නුඹ දුරක
තනියක් නම් නෑ මට
මියදෙන මොහොතෙත්
තනි රකිවි මට
නුඹේ මතක

මා කුමක් කරම්ද

හිතක් පපුවක් නැති
මිනිසුන්
හෙලනවා බිම රූස්ස 
ගස් කදන්
වියලි ඉරි තැලි ගිය
මහපොළොව බලනවා
අහස් කුස
කවදා නුබ හෙලන්නේ
දිය පොදක්
තෙමන්නට මා
මේඝ වලාවන්
විරසකව අති
හෙයින්
මා කුමක් කරම්ද
කියනවා
අහස් කුස
ඉතින්

අපි ගොංද දැන් ඉන්න පොඩ්ඩෝ ඇත්තටම smart ද

පුංචි පැටව්න්ට T.V එක දාලා දෙන්න හොද නැ කිව්වත් කාත්කවුරුවතම නැතිව තනියම ඉන්න අපි වගේ අයට ඉතින් ඔය සම්මතේම පිහිටලා ඉන්නත් බැ .පුතයි මමයි විතරක් ඉන්න නිසා මං  වැඩ කරනකම් පුතා තනියම .අනිත් එක මගෙන් වචනයක් පිට නොවුනොත්  එයාට ඇහෙන්න වෙන වචනය්කුත් නැ.ඉතින් මං වැඩ  වෙලාවට එයාට T.V එක දාලා දෙනවා වැඩ ඉවර උනාම පුතා එක්ක සෙල්ලම් කරනවා හැබැයි  T.Vඑක දාලා තිබුනා කියලා එයා බලන්නෙත් නැ .එයාගේ පාඩුවේ bilding box හදනවා එයා කුස්සියේ මට කෑම හදනවා ඔය වගේ මොනා හරි වැඩක් එත් ඉතින් ඇහුන සිංදු ටික සේරම කියලා තමයි නිදා ගන්නේ .ඉතින් ටික දවසක ඉදන් චුට්ටක් අමුතු වැඩ පුටු  පත්තට නැගලා අත්කකුල් ඇත් කරගෙන් ඉන්නවා කෙනෙක් කතා කරාම අමුතු විදියට බලල අත් වලින් Action දනවා ඔහෝම එකක් තිබුනා මේකට හේතුව හොයද්දි තේරුම් ගියේ මේ spiderman ගේ වැඩ කැලි ටික කියලා .ඔන්න වාරනයක් පැනව්වා spiderman බලන්න බැ දවස් දෙකක් විතර අම්මගේ හොද පුතා වෙලා ඉදලා  ජල්ලි අල්ලන්න පටන් ගත්තා.

පුතා - spiderman දාන්නකෝ
මං - පුතාට journey journey  දාලා දෙන්නද
පුතා - spiderman දාන්නකෝ
මං - අම්මි පුතාට peppa pig දාලා දෙන්නද
පුතා - අනේ තුත්තක් spiderman  දාන්නකෝ

     .ඔය විදියට කතාවේ අවසානයේ ගියා කාමරේ ට ගෙනවා මගේ phone  එක ඇගිලි එහාට මෙහේට කරලා ගියා you tube එකට පුතාගේ මූණේ හිනා පොකුරක් පිපුණා”මේ තින්නේ” spiderman හොයාගෙනෙ T.V එකටත් connect කරගෙන තමයි phone එක පැත්තකින් තිබ්බෙ මගේ ඇරිලා තියෙන කට වැහුනේ කටට මැස්සෙක් රිංගපුවාමයි 😃 ඇයි අප්පා මේ කොළු පැටියට අවුරුද්ද තුනක්වත් නැ ඉතින් .බඩේ හිටපු කාලේ ඉදලා phone එකේම හිටියා වගේනේ.

      මේක දැක්ක මට මතක් උනේ එකාලේ phone එකක් නිසා අපිට සිද්ද වෙච්ච පච වැඩක්.අපේ සෙට් එකේ හිටිය මගේ අතිජාත මිතුරියගේ boy කොළුවා ඔය උයන පිහින පාඨමාලාවකට ටිකක් දුරකට ගිය කාලේක කතාබහ කරන්න අපේ තවත් යාළුවෙක් number එකක් දුන්නා.ඉස්සෙල්ලාම phone එකෙන් කතා කරන දවසේ අපි අර යාළුවා ලගට ගියා “ මට වැඩ බං උබලා මේක අරන් යමල්ලා මං පස්සේ  එන්නම් “දුන්නා phone එක අපිත් මේ කවදාවත් අපිට නොතිබුන මේ රාජකීය භාණ්ඩය අරන් පාර මාරු වෙනකොටම මෙන්න මේක කෑගහනවා ක්‍රිං ක්‍රිංංංං හයියු ඉතින් විලිසංගේ බෑ අපි school uniform එකෙන් පාර මැද්දේ.එහාට කරා මෙහාට කරා ඔබන්න තියෙන සේරම එබුවත් කැගහන එක නම් නතර උනේ නැ වටේ පිටේ ඔක්කොගෙම ඇස් අපේ දිහා කරන්න දෙයක් නෑ ලගම තිබුන සිමේන්ති කැටේ උඩින් phone එක  තියලා එ උඩ ඉදගත්තා.අයිතිකාර යාළුවා ඇවිත් තමයි call එකක් අරන් දුන්නේ කඩන මලක් කඩාගං කියලා .

       මං මේ අහස පොළොව ගැටලන්න කල්පනා කරේ ඒ කාලේ ඇත්තටම අපි ගොංද දැන් ඉන්න පොඩ්ඩෝ ඇත්තටම smart ද කියලා

අම්මටයි අප්පච්චිටයි පාඩමක්



        අපේ කොළු පැටියත් අම්මා වගේමයි ඕන දේකුත් නැ එපා දේකුත් නැ ඕන එකටයි එපා එකටයි දෙකටම ඇගිලි ගහනවා. නිතරම fridge  එකේ පිටිපස්සෙ වඩු වැඩ ඔය හිංදම fridge එක  වෙන  කමරේකට දැම්මා ....

     දවසක හැන්දෑවේ සුප් එකක්  හදනවා මං  කොළු පැටියත් T.V එකේ සිංදු බලනවා .අනේ පව් ගොඩාක් දවසකින් පුතාට chocolate  කැල්ලක් දුන්නේ නැනේ එහෙම හිතුන නිසාම මං fridge එක තියෙන කාමරේට යනකොට පුතත් ආවා එත් එයා දොර ළගින් නතර වෙනකොට මං fridge එක ඇරියේ chocolate  ගන්න එකපාරට දොර වැහුවා පුතා  ඒ ගැන වැඩියේ නොහිතම මං fridge එකේ දොර වහලා ඇවිත් කාමරේ දොර අරින හැදුවට කොහේ  අරින්නද  පුත්‍රයා දොරේ තිබුන 🔑 යතුර කරකවලා .අනේ ඉතින් මේ ලෝකේ වැඩ ඉන්න  දෙවියෝ සේරම මට මතක් උන පිළිවෙලට.

" අනේ පුතේ 🔑 යතුර කරකවන්න" කිව්වට කොහේ කරකවන්නද ..? එතකොට පුතාට අවුරුදු එකහමරයි .අනේ දෙවියනේ ලිප on එකේ සුප් එක හොදටම කොඩිත්ති වෙනවා හොදටම  දාඩියත් දාලා මට කාටද කියන්නේ මං  phone එකත් නැ ළගක කරන්න පුළුවන් එකම දේ ජනේලෙන් පහල වහලට බහින එක(යට තට්ටුවේ තියෙන්නේ coffee bar ekak ) අවාසනාවකට bar එක වහලා අගෝස්තු කියලා මතක් උනෙත් එතකොට කරන්න දෙයක් නෑ උඩ ඉදලා මං කෑගහනවා උදව් ඉල්ලා කොයිතරම් කෑගැහුවත් පාරේ යන වාහන එහෙකටවත් ඇහෙන්නෙත් නැ පයින් යන කවුරුවකුත් නෑ ආයෙමත් කාමරේට බඩ ගානවා පුතාට කතා කරනවා වහලෙට පනිනවා කෑගහනවා ඔහෙම කිපාරක් කරාද මංදා අන්තිමට රතු රෙද්දක් අරන් වහලෙට බැස්සේ රුතු රෙද්ද හරි වනනවා කියලා හිතාන මතක් කරපු දෙවියන්ට මගේ දුක පෙනිලාද කොහෙද  ඈත එනවා පුතාගෙ අප්පච්චි ඇහෙන්නේ නැති දුරක උනත් මං කෑ ගහලා කිව්වා ඉක්මනින්ම එන්න .

 ඇහුනේ නැතත් රතු රෙද්දකුත් අතේ තියාන වහලේ උඩ ඉන්න මාව දැක්කම හිතන්න ඇති මොකක් නමුත් කරදරයක් කියලා කාර් එකත් පාර අයිනට දාල දුවගෙන ඇවිත් දොර අරිනකොට පුතාන්ඩියා හිනාවෙවි T.V බලනවලු කොහොම හරි මාවත් හිරෙන් නිදහස් කරාම කෑගහලා අඩන ගමන් පුතා තුරුල් කරගත්තා අම්මිගෙ දුකත් මගෙත් දුක කියලා වෙන්න පුතාත් ලතෝනි තියලා අඩන්න පටන් ගත්තේ .බොහෝ අමාරුවෙන් ඒ ඇඩිල්ල නතර කරලා ඊලඟ රාජකාරිය උනේ දොරවල් වල තිබුන 🔑 යතුරු අයින්   කරපු එක හැමදොරක්ම එකම යතුරකින් අරින්න පුළුවන් නිසා අනිත් 🔑 අයින් කරලා එක යතුරක් මං බෙල්ලේ එල්ල ගත්තා.අම්මා පාඩමක් ඉගෙන ගත්තේ එහෙමයි ඉතින් ....

       අප්පච්චි පුතයි ගමනක් ගිය දවසක පුතාට අව්ව එනවා කියලා  අප්පච්චි ලග තිබුන කඩේකින් 🚗 විදුරුවල එල්ල්න කැලි දෙකක් අරන් .එක එල්ලනක්ම්වත් ඉන්නෙ නැතිව චුටි හදයා ඇඩනවලු කොහොම හරි කාර් එකේ 🔑 දිලා තමයි එ ඇඩිල්ල නවත්ත ගෙන තියෙන්නෙ.එතනට අපු අප්පච්චිගෙ යාළුවා දැකපු සතුටට එයාට අමතක වෙලා යතුර ගැන . කාර් එකේ දොරත් වහලා යාළුවා එක්ක එක්ක ආගිය තොරතුරු කාතා කරලා යාළුවාට යන්නම් කියලා දොර අරින්න හැදුවට බැලු දොර අරින්න  phone එකත් කාර් එකේ ආයේ අර යාළුවාටත් කතා කරලා දැන් දෙන්නම කියනවලු යතුර ඔබන්න කියලා හ්ම්හු පුතා හිනාවෙවි ඔබන්නේම ලොක් එකමලු  ගෙදර තව යතුරක් තිබුනත් මට අරගෙන යන්නත් බෑ යාළුවාට අපේ ගෙදරට ඇවිත් ආපහු යන්නත් පැය විතර යනවා .දන්න සෙල්ලම් කොයිතරම් දැම්මත් ලොක් එක අරින්න නැති තැන විදුරු කඩනවා කියලා ලෑස්ති වෙනකොටම ලොක් එක ඇරිලා හාස්කමකින් වගේ

    ඔන්න ඔය විදියට තමයි  අම්මටයි අප්පච්චිටයි දෙන්නට පුතා පාඩම් ඉගැන්නුවේ යතුරෙන්.

සුරංගනාවි

හිතන්නටත් මත්තෙන්
අම්මිගේ කුසට ආවා
අම්මිගෙ සුරංගනාවි
අප්පච්චි ගෙ ජිවිතේ ම වෙච්චි
දග කෙල්ල
නුඹ ම තමයි
අහිතක් හිතුනේම
නෑ
ආරාධනාවකට කලියෙන්
ආවත් නුඹ ,
අම්මිගෙ
අප්පච්චිගෙ
ලෝකය එළිය කරන
දේවතා එළිය
නුඹ ම තමයි ,
අප්පච්චි වගේ
කළුම කළු උනාට,
අම්මිට නම්
හැමදාමත්
සුදු දෝණී
නුඹ ම තමයි
සුදු අම්මගෙ
සුදු අත්තාගෙ
හුරතල් මල්ල
නුඹ ම තමයි
 දැනෙනවා
පොඩි ඊර්ෂ්‍යාවකුත්
නුඹ ත් එක්ක
නුඹේ හුරතලේට
වහ වැටිච්ච
සුදු අම්මට,සුදු අත්තට
දැන් නම් මං
නැති ගානයි
නොදැක ඉන්න
බැරි උන
මං
නුඹේ අප්පට
පෙනුනත් දැන්
නොපෙනෙන ගානයි
හොයන්නේ නුඹමයි
එ උනාට අම්මිගේ
පණ ඩිංගත්
නුඹ ම තමයි

බාබා කව්රු වගේද


     
     අලුතින් බාබෙක් ලැබුනම බාබා කව්රු වගේද බලන්න බාබා බලන්න එන අයට තියෙන්නේ ලොකු උවමනාවක් .දරුවාගෙ අම්මටයි අප්ච්චිටයි තියෙන්නේ හරි හදිස්සියක් ඔය එන කාගේ කටකින් හරි දරුවා තමන් වගේ කියලා අහගන්න.මටත් පුතා ලැබුනම එක එහෙමම තිබුනා මට තිබුනට වැඩක් නැ.එන අයට එහෙම එකක් තිබුනේ නෑ .හැමෝම කිව්වේ පුතා එයා වගේ කියලා දවසින් දවස මං අපේක්ෂා බංගත්වයට පත් වෙනවා.එයාලගෙ ගෙදර අය කියන්නෙත් පුතා අප්පච්චි වගේමයි.පුතාට වාතයක් පිට උනත් එයා වගේ.ඔව් 99%එයා වගේ තමයි  .පුතා ටික ටික ලොකු වෙනකොට ගති ගුණ නම් වගේමයි .එයා ඇල්වතුරත් නිමලා .ඔව් එයා එහෙමයි .ලෝදිය ඇගේ හැලුනු ගෑණි වගෙ කෑ ගහ ගත්තු ගමන් මං.අනේ ඉතින් පුතාට අඩුවක් නැතිවම මගෙ ඔය ගති ගුණ පිහිටලා තියෙනවා .හැබැයි ඉතින් එහෙම කෑ ගහන වෙලාවටත් එයාලගෙ ගෙදර අය කියන්නේ

"අනේ මංදා කව්රු වගෙද "

      අනේ ඉතින් එහෙමවත් මං වගේ කියන්නේ නැ.
     
   ..ඇයි යකු මං  බඩේ තියන දුක්විදලා හදාලාත් මං  වගේ නැලූ.ඔය හිංදම මං මානසික වැටිලා දණහිස් බිම ඇනිලා තුවාල වෙලා ලේත් එනවා...😢

   ඔහොම ඉන්නකොට අපේ මල්ලිගෙ පවුලට (නෝනා ට) බාබා ලැබුනා මට photo ත් එව්වා රෝසම රෝස පාටයි මං  නම තිබ්බා රෝස්මරි (කැමති නමක් එයාලට දාගන්න පුළුවන් මං දැම්ම නම එකයි) කොන්ඩේ හරි හරියට මල්ලී නංගි දෙන්නම සුදු නිසාම රෝස්මරි තවත් රෝස පාටයි (අපේ  අම්මා කියන්නේ මං වගේ ) තාමත් මගේ ඇස් හොදට පේන නිසා මට පෙන්නේ රෝස්මරි එයාගේ අම්මා වගේමයි බැරිවෙලාවත් මට පෙනුනා වැරදිද බලන්න අපේ උන්දටත් photo එක පෙන්නුවම  "නංගි වගේ " උන්දා කිව්වේත් එහෙම .මල්ලි වගේ පාට වෙන මොකවත් නම් නැ ඉතින්  පිරිමි අවයවයක්වත් නැතිකොට මල්ලිට හුලං එයා වගේ කියන්න වෙන්නෙම නැ.

     රෝස්මරි නිසාම මං දැන් දවසට දෙපාරක් විතර කතා කරනවා කෙලී පැටික්කි බලන්න කතා කරනකොට ඉදහිට කියනවා "අම්මි වගේමයි  මගේ දූ) අනේ ඉතින් ඕක ඇහෙන අපේ අම්මා එන්නේ රේස් එකේ ඇවිත් මෙහෙම කියනවා
"නෑ චුටි දුවේ ඔයා වගේ
 මං-  නැ නංගි වගේ
අම්මා- නෑ කොණ්ඩේත් ඔයා වගේ ඉත්තෑකුරු(හැබැයි මං  ඉපදෙනකොට තට්ට බාබෙක්ලු 😃 😃 😃 )
 
      අනේ  ඇයි අනේ නැන්දම්මලා මේම....😃 (එත් ඉතින් මට සතුටුයි මගෙ නැන්දම්මත් නොකියා ඉන්නේ ඔය වගෙ මොකක් හරි නිසා වෙන්න ඇති.මගෙ පුතත් ටිකක් හරි මං වගේ ඇති...)