Saturday, August 25, 2018

තවමත් මං සංසාරේ

අවැසි උනා මටත් දිනෙක
හැර යන්නට අඩන දොඩන
මේ ජිවිතේ ..උනාදමන්නට
මේ අරුමෝසම් සළු පිළි
පොරවා ගන්නට
සිව්රුකඩක් නිරාමිස
සුව විදින්නට ......
හයියක් නොතිබුනානේ
මට අතහරින්නට
මේ හිත රිදවන
බැදිම් .......
ඉදින් මේ දුකේම ගිලි
මියයමින් ඉපදෙමින්
තවමත් මං
සංසාරේ ......

No comments:

Post a Comment