Saturday, August 25, 2018

අපි ගොංද දැන් ඉන්න පොඩ්ඩෝ ඇත්තටම smart ද

පුංචි පැටව්න්ට T.V එක දාලා දෙන්න හොද නැ කිව්වත් කාත්කවුරුවතම නැතිව තනියම ඉන්න අපි වගේ අයට ඉතින් ඔය සම්මතේම පිහිටලා ඉන්නත් බැ .පුතයි මමයි විතරක් ඉන්න නිසා මං  වැඩ කරනකම් පුතා තනියම .අනිත් එක මගෙන් වචනයක් පිට නොවුනොත්  එයාට ඇහෙන්න වෙන වචනය්කුත් නැ.ඉතින් මං වැඩ  වෙලාවට එයාට T.V එක දාලා දෙනවා වැඩ ඉවර උනාම පුතා එක්ක සෙල්ලම් කරනවා හැබැයි  T.Vඑක දාලා තිබුනා කියලා එයා බලන්නෙත් නැ .එයාගේ පාඩුවේ bilding box හදනවා එයා කුස්සියේ මට කෑම හදනවා ඔය වගේ මොනා හරි වැඩක් එත් ඉතින් ඇහුන සිංදු ටික සේරම කියලා තමයි නිදා ගන්නේ .ඉතින් ටික දවසක ඉදන් චුට්ටක් අමුතු වැඩ පුටු  පත්තට නැගලා අත්කකුල් ඇත් කරගෙන් ඉන්නවා කෙනෙක් කතා කරාම අමුතු විදියට බලල අත් වලින් Action දනවා ඔහෝම එකක් තිබුනා මේකට හේතුව හොයද්දි තේරුම් ගියේ මේ spiderman ගේ වැඩ කැලි ටික කියලා .ඔන්න වාරනයක් පැනව්වා spiderman බලන්න බැ දවස් දෙකක් විතර අම්මගේ හොද පුතා වෙලා ඉදලා  ජල්ලි අල්ලන්න පටන් ගත්තා.

පුතා - spiderman දාන්නකෝ
මං - පුතාට journey journey  දාලා දෙන්නද
පුතා - spiderman දාන්නකෝ
මං - අම්මි පුතාට peppa pig දාලා දෙන්නද
පුතා - අනේ තුත්තක් spiderman  දාන්නකෝ

     .ඔය විදියට කතාවේ අවසානයේ ගියා කාමරේ ට ගෙනවා මගේ phone  එක ඇගිලි එහාට මෙහේට කරලා ගියා you tube එකට පුතාගේ මූණේ හිනා පොකුරක් පිපුණා”මේ තින්නේ” spiderman හොයාගෙනෙ T.V එකටත් connect කරගෙන තමයි phone එක පැත්තකින් තිබ්බෙ මගේ ඇරිලා තියෙන කට වැහුනේ කටට මැස්සෙක් රිංගපුවාමයි 😃 ඇයි අප්පා මේ කොළු පැටියට අවුරුද්ද තුනක්වත් නැ ඉතින් .බඩේ හිටපු කාලේ ඉදලා phone එකේම හිටියා වගේනේ.

      මේක දැක්ක මට මතක් උනේ එකාලේ phone එකක් නිසා අපිට සිද්ද වෙච්ච පච වැඩක්.අපේ සෙට් එකේ හිටිය මගේ අතිජාත මිතුරියගේ boy කොළුවා ඔය උයන පිහින පාඨමාලාවකට ටිකක් දුරකට ගිය කාලේක කතාබහ කරන්න අපේ තවත් යාළුවෙක් number එකක් දුන්නා.ඉස්සෙල්ලාම phone එකෙන් කතා කරන දවසේ අපි අර යාළුවා ලගට ගියා “ මට වැඩ බං උබලා මේක අරන් යමල්ලා මං පස්සේ  එන්නම් “දුන්නා phone එක අපිත් මේ කවදාවත් අපිට නොතිබුන මේ රාජකීය භාණ්ඩය අරන් පාර මාරු වෙනකොටම මෙන්න මේක කෑගහනවා ක්‍රිං ක්‍රිංංංං හයියු ඉතින් විලිසංගේ බෑ අපි school uniform එකෙන් පාර මැද්දේ.එහාට කරා මෙහාට කරා ඔබන්න තියෙන සේරම එබුවත් කැගහන එක නම් නතර උනේ නැ වටේ පිටේ ඔක්කොගෙම ඇස් අපේ දිහා කරන්න දෙයක් නෑ ලගම තිබුන සිමේන්ති කැටේ උඩින් phone එක  තියලා එ උඩ ඉදගත්තා.අයිතිකාර යාළුවා ඇවිත් තමයි call එකක් අරන් දුන්නේ කඩන මලක් කඩාගං කියලා .

       මං මේ අහස පොළොව ගැටලන්න කල්පනා කරේ ඒ කාලේ ඇත්තටම අපි ගොංද දැන් ඉන්න පොඩ්ඩෝ ඇත්තටම smart ද කියලා

No comments:

Post a Comment