Saturday, August 25, 2018

එකම පාටක්

කළුම කළු මිනිස්සුවත්,
සුදු ම සුදු  මිනිස්සුවත්
ලෝකේ නෑ
ඉන්නේ අළු මිනිස්සු
එහෙමයි කියන්නේ
එත් වැරදිලා
මට ද
ඔයාට ද
ඔව් අපි දෙන්නටම
එකම මුණේ
පාට ගොඩාක්
මොහොතින් මොහොත
පාට ගැන්වෙන
අපි,
කවදාවත්
එකම පාටක්
තවරගෙන ඉන්නේ නෑ
වෙනස් වෙනවා
අපි
මුණදෙන සිද්ධින්ට
සාපේක්ෂව

No comments:

Post a Comment