Saturday, August 25, 2018

බාබා කව්රු වගේද


     
     අලුතින් බාබෙක් ලැබුනම බාබා කව්රු වගේද බලන්න බාබා බලන්න එන අයට තියෙන්නේ ලොකු උවමනාවක් .දරුවාගෙ අම්මටයි අප්ච්චිටයි තියෙන්නේ හරි හදිස්සියක් ඔය එන කාගේ කටකින් හරි දරුවා තමන් වගේ කියලා අහගන්න.මටත් පුතා ලැබුනම එක එහෙමම තිබුනා මට තිබුනට වැඩක් නැ.එන අයට එහෙම එකක් තිබුනේ නෑ .හැමෝම කිව්වේ පුතා එයා වගේ කියලා දවසින් දවස මං අපේක්ෂා බංගත්වයට පත් වෙනවා.එයාලගෙ ගෙදර අය කියන්නෙත් පුතා අප්පච්චි වගේමයි.පුතාට වාතයක් පිට උනත් එයා වගේ.ඔව් 99%එයා වගේ තමයි  .පුතා ටික ටික ලොකු වෙනකොට ගති ගුණ නම් වගේමයි .එයා ඇල්වතුරත් නිමලා .ඔව් එයා එහෙමයි .ලෝදිය ඇගේ හැලුනු ගෑණි වගෙ කෑ ගහ ගත්තු ගමන් මං.අනේ ඉතින් පුතාට අඩුවක් නැතිවම මගෙ ඔය ගති ගුණ පිහිටලා තියෙනවා .හැබැයි ඉතින් එහෙම කෑ ගහන වෙලාවටත් එයාලගෙ ගෙදර අය කියන්නේ

"අනේ මංදා කව්රු වගෙද "

      අනේ ඉතින් එහෙමවත් මං වගේ කියන්නේ නැ.
     
   ..ඇයි යකු මං  බඩේ තියන දුක්විදලා හදාලාත් මං  වගේ නැලූ.ඔය හිංදම මං මානසික වැටිලා දණහිස් බිම ඇනිලා තුවාල වෙලා ලේත් එනවා...😢

   ඔහොම ඉන්නකොට අපේ මල්ලිගෙ පවුලට (නෝනා ට) බාබා ලැබුනා මට photo ත් එව්වා රෝසම රෝස පාටයි මං  නම තිබ්බා රෝස්මරි (කැමති නමක් එයාලට දාගන්න පුළුවන් මං දැම්ම නම එකයි) කොන්ඩේ හරි හරියට මල්ලී නංගි දෙන්නම සුදු නිසාම රෝස්මරි තවත් රෝස පාටයි (අපේ  අම්මා කියන්නේ මං වගේ ) තාමත් මගේ ඇස් හොදට පේන නිසා මට පෙන්නේ රෝස්මරි එයාගේ අම්මා වගේමයි බැරිවෙලාවත් මට පෙනුනා වැරදිද බලන්න අපේ උන්දටත් photo එක පෙන්නුවම  "නංගි වගේ " උන්දා කිව්වේත් එහෙම .මල්ලි වගේ පාට වෙන මොකවත් නම් නැ ඉතින්  පිරිමි අවයවයක්වත් නැතිකොට මල්ලිට හුලං එයා වගේ කියන්න වෙන්නෙම නැ.

     රෝස්මරි නිසාම මං දැන් දවසට දෙපාරක් විතර කතා කරනවා කෙලී පැටික්කි බලන්න කතා කරනකොට ඉදහිට කියනවා "අම්මි වගේමයි  මගේ දූ) අනේ ඉතින් ඕක ඇහෙන අපේ අම්මා එන්නේ රේස් එකේ ඇවිත් මෙහෙම කියනවා
"නෑ චුටි දුවේ ඔයා වගේ
 මං-  නැ නංගි වගේ
අම්මා- නෑ කොණ්ඩේත් ඔයා වගේ ඉත්තෑකුරු(හැබැයි මං  ඉපදෙනකොට තට්ට බාබෙක්ලු 😃 😃 😃 )
 
      අනේ  ඇයි අනේ නැන්දම්මලා මේම....😃 (එත් ඉතින් මට සතුටුයි මගෙ නැන්දම්මත් නොකියා ඉන්නේ ඔය වගෙ මොකක් හරි නිසා වෙන්න ඇති.මගෙ පුතත් ටිකක් හරි මං වගේ ඇති...)

No comments:

Post a Comment