Saturday, August 25, 2018

මං නුඹේ පතිනියයි

මට ඕනේ නෑ
දුර අහසේ
බැබලෙන හදක්
වෙන්නවත්
තරුවක්
වෙන්නවත්
ළගින් ඉන්න
පුළුවන් නම්
ඉටිපහනක්
වගේ
ඔය ආදරේ
වෙනුවෙන්ම
දියවෙලා
මියදෙන

නුඹ ට මං නැතිවත්
බෑ
මට නුඹ නැතිවත්
බෑ
ඉන්න ඕන උනත් ඉන්නත්
බෑ
නීති පොතක පිටු අතරේ
නොලිව්වත් අපේ ආදරේ
දෙවියන් ඉදිරියේ ,
මා නමින් පණ ගැහෙන
නුඹේ හිතත්
නුඹ වෙනුවෙන් පණ  ගැහෙන
මගේ හිත ත්
ඉදිරියේ ,
අපි අපේමයි
ගියත් දුරක
හමු නොවුනත් දිනේක
අපි  අපේමයි
නුඹ වෙනුවෙන්
නළල සරසන සින්දුර ත්,
නුඹ වෙනුවෙන්
දෑතේ ගැල්වෙන මෙහෙන්දිත්,
නුඹ වෙනුවෙන්
ගෙල පලදින තැල්ලත්,
සදහටම නුඹ ත් මමත් 
එකට එක් කරාවි
ගින්දර සාක්ෂි දරන්
වට හත නොගියත්
සංසාරේ හැමදාමත්
මං  නුඹේ
පතිනියයි.......

No comments:

Post a Comment