Monday, August 27, 2018

නියගලා මලක්

“  කොහොමද සුදු නෝනා උඹ එහෙම කෙරුවේ..?”
දන්නවද උඹෙයි මගෙයි හෙට දවස වෙනුවෙන් මං තනියෙන් නැහෙනකොට මට ටිකකටවත් දුකක් දැනුනේ නැ .චුටිම තරහවක් වෙනුවට මගේ හිතේ ගොඩ ගැහුනේ උඹ වෙනුවෙන් මහා ලොකු ආදරයක්.මට ඕන උනේ උඹව බෝනික්කියක් වගේ ලස්සනට තියන්න එතරමටම මං  ආදරේ කෙරුවා උඹට..

අපේ හෙට දවස වෙනුවෙන් අත්වල කර ගැට එනකම්  මං ඔට්ටු වෙනකොට ,අපි ආදරෙන් බෙදා ගත්තා ඇදම තවත් උන් එක්ක බේදා ගන්න තරම් උඹේ හිත හයිය උනේ කොහොමද  ….කිසිම හිරිකිතයක් නැතිවම .උඹේ නාඩගම් ගැන හාංකවිසියක් දන්නේ නැතිවම උඹත් එක්ක මාත් නිදිවැදුන දවස් මතක් වෙද්දී මට මාව අප්පිරියයි …

 මොනවාම හරි දෙයක් නිසා උඹ වෙන එකෙක්ට ආදරය කරලා මාව දාලා ගියා නම් පුළුවන් මට හිත හදාගන්න ..එ උඹේ සතුට කියලා …කියපං මට කිසිම අඩුවක් නොකර පැලෙන්න ආදරයක් මං උඹට දුන්නමත් මගේ යාළුවෝ විතරක් නෙවි මං  නොදන්න උන් එක්කත් අපේ ඇද උඩම උඹේ ඇග විකුණන්න තිබුන උවමනාව මොකක්ද…කියපං මාව පිස්සෙක් නොකර ඇයි ඒ තැනට වැටුනේ…

🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟 🌟

Facebook එකේ කවි නිසදැස් වෙනුවෙන් page එකක් පටන් ගත්තේ කවි නිසදැස් වලට තිබුන ආසවටමයි .page එකට ආවා දාස් ගනන් request අතරේ තෙනුලි පබසරා තවත් එක් request එකක් ම නොවි අපේ ජිවිතේ උඩුයටිකුරු කරන්න ආව නියගලා මලක් කියලා හිතුනා නම් කවදාවත්ම තෙනුලි පබසරා Accept නොකර ඉන්නවනේ මං …

 එත් මං  ලියපු හැම කවියකටම නිසදැසකටම ආදරණිය comment එකක් එකතු කරපු තෙනුලි මගේ හිතට එබෙන්න ගත්තේ හරි අපුරු විදියට .කාලයක්ම අපි අපේ අදහස් හුවමාරු කර ගත්තේ comments වලින් ඊටත් පස්සේ Massenger chat වලින් අපි අතර  ‍යාළුකමටත් එහා ගියා බැදිමක් ඇතිවෙද්දි මාරු උන Phone number එකින් කතා කරපු දවසක තෙනුලි කිව්වේ “සසාන් අයියේ මට ඔයාව හැබහින්ම දක්කින ආසයි එන්නකො මාව බලන්න” හිත සතුටින් උඩපැන්නේ මටත් උවමනා උන දේම ඔයාගේ කටින් පිට උන එකට ඉතින් අපි හම්බ උනා කැළණි පංසලේදි photo වලටත් වඩා ලස්සනයි කියලා මට හිතුනේ බෝනික්කියක් වගේ හිත වගේම රූපෙත් ගොඩාක් ලස්සනයි මගේ හිතේ සතුට දෝර ගැලුවා පුළුවන් හැම වෙලාවේම මට ඕන උනේ තෙනුලි බල්න්න යන්න.අපි ආදරේ කෙරුවා මහා ගොඩාක් .

     ඔය වගේ තෙනුලි බලන්න ගිය දවසක බෝල ඇස් දෙකේ කදුළු පුරවන් කිව්වේ “සසාන් අයියේ අම්මයි අප්පච්චි ඔයාට කැමති නෑ” සත්තයි දුක හිතුනා මට මහා ගොඩාක් එත් තත්පරෙන් රිදුන මගේ හිත  තෙනුලි සැනසුවා “ අම්මයි අප්පච්චි අකමැති උනාට මට ඔයා නැතිව බෑ සසාන් අයියේ මාව එක්කගෙන යනවද..? දෙපාරක් හිතුවේ නෑ මං ඔයාව එක්කගෙන  අපේ ගෙදරට ගියේ එතරමටම මගේ ආදරේ ස්ථිර එකක් නිසා ,සැකයක් තිබුනේ නෑ කොතනකවත්.

  "කසාදයක් ගැන හිතන වයසක නෙවි ඔයාල ඉන්නේ කසාදයක් කියන්නේ සෙල්ලමක් නෙවි..තාම ඉගෙන ගන්න වයස "අම්මා අඩද්දි තාත්තා කිව්වේ එහෙම .එත් මට ඔයාව ආපහු යවන්න බැරි උනා ඉතින් අපි නීති පොතක පිටු අත‍රත් අඹුසැමියෝ උනා.හැමතැනකම වගේ අපේ ගෙදරත් නැන්දම්මා ලේලි කෙස්වලු පටල ගන්න කොට මට හැමදාමත් හරි උනේ මගේ සුදු නෝනා.කුලියට ගෙයක් අරන් ගෙදරින් ආවේ සුදු නෝනගේ ඇස්වල කදුළු දකින්න බැරි නිසාමයි..

ඉල්ලන පමවෙන් අම්මයි අප්පච්චි මට හැමදේම දුන්නේ එයාලට හිටිය එකම දරුවා මං නිසා වෙන්න ඇති අවුරුදු  විස්සක් උනත් තනිව ඇදුමක්වත් හොද නොගත්තු මං ගැරජ් එකක වැඩක් හොයා ගත්තේ තෙනුලිට තිබුන ආදරේටමයි  කුණු ටිකක් නොවැදුන අත්වල මජං ‍තැවරෙනකොට මට තෙනුලි ගැන ඇති උනේ ආදරයක්.තෙනුලි තමයි මාව වගකිමක් ඇති මිනිහෙක් කෙරුවේ.

 අවුරුදු තුන හතරක් ගෙව්නත් අපිට දරුවෙක් ඕන උනේ නැ ස්ථාවරේකට ඇවිල්ලම එ ගැන හිතන්න අපි එකග වෙලා හිටිය නිසා.

  එත් අපේ ආදරේට කනකොකා හඩන්න එ හැටි දවසක් ගියේ නෑ.බඩේ අමාරුවක් හැදිලා ගෙදර හිටිය දවසක තෙනුලිගේ phone එකට මගේ යාළුවෙක්ගෙන් ආව massage එකක් තෙනුලිගේ phone එකේ display එකේ “අද සසාන් නැනේ මං  එන්නද” හිතාගන්න බැරි උනා තිවංක ඇයි තෙනුලි ට massage කරන්නේ මං නැතිවෙලාවේ ඇයි අපේ ගෙදර එන්නේ…

Phone එක ගත්තත්  එතනින් එහාට මොකුත්ම බලන්න බැරි උනේ දාලා තිබුන lock එක නිසා lock  එක අරින්න කිව්වත් lock එක අරින්නේ නැතිව හිතුවක්කාර උනේ හංගන්න දෙවල් තිබුන නිසා කියලා හිතුනේ මලක් තරමට පරිස්සමින් සිප ගත්ත ඔයා තොල් පුපුරන්න දෙකක් දිලා lock ඇරගත්තාමයි..

    අකුණු හත අටක්ම පිපුරුවා වගේ එකපාර ඒ තරමටම ජාර ගෑණියක උනේ කොහොමද උඹ..නානාප්‍රකාර උන් එක්ක උඹ කොහොමද නිදා ගත්තේ අපි දෙන්නා ආදරෙන් තුරුල් උන ඇදේම… උඹ මගෙන් මැරුම් කයි කියන බයටමයි ගෙදරින් එළියට බැහැලා ගියේ .හොදටම නොවුනත් තරහා ටිකක් නිවුනාම ආපහු ගෙදර  ආවේ එකම එක දෙයක් දැන ගන්න .එත් උඹ ගිහින්  කා එක්කද කොහෙදවත් නොකියම  මගේ මුළු ජිවිතේම අළු කරලා යන්නම ගිහින් …

  පුළුවනි නම් ඉන්න තැනකින් ඇවිත් ඇයි මෙහෙම උනේ කොතනද මට වැරදුනේ කියලා කියනවද මට ... මං උඹට දුන්න ආදරේ නාමෙන් හිත හදාගන්න මට එක කියපං සුදු නෝනා …

හිතුවත් සිඹින්නට රෝස මලක්
හැකි උනේ සිඹින්නට නියගලා මලක්
මට කියන් රෝස මලක් වන්නට
නොහැකිමුත් නියගලා මලක්
උනේ කිමැයි වතුසුදු මලක්වත් නොවි ......

No comments:

Post a Comment