Saturday, August 25, 2018

සුරංගනාවි

හිතන්නටත් මත්තෙන්
අම්මිගේ කුසට ආවා
අම්මිගෙ සුරංගනාවි
අප්පච්චි ගෙ ජිවිතේ ම වෙච්චි
දග කෙල්ල
නුඹ ම තමයි
අහිතක් හිතුනේම
නෑ
ආරාධනාවකට කලියෙන්
ආවත් නුඹ ,
අම්මිගෙ
අප්පච්චිගෙ
ලෝකය එළිය කරන
දේවතා එළිය
නුඹ ම තමයි ,
අප්පච්චි වගේ
කළුම කළු උනාට,
අම්මිට නම්
හැමදාමත්
සුදු දෝණී
නුඹ ම තමයි
සුදු අම්මගෙ
සුදු අත්තාගෙ
හුරතල් මල්ල
නුඹ ම තමයි
 දැනෙනවා
පොඩි ඊර්ෂ්‍යාවකුත්
නුඹ ත් එක්ක
නුඹේ හුරතලේට
වහ වැටිච්ච
සුදු අම්මට,සුදු අත්තට
දැන් නම් මං
නැති ගානයි
නොදැක ඉන්න
බැරි උන
මං
නුඹේ අප්පට
පෙනුනත් දැන්
නොපෙනෙන ගානයි
හොයන්නේ නුඹමයි
එ උනාට අම්මිගේ
පණ ඩිංගත්
නුඹ ම තමයි

No comments:

Post a Comment